ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දුන්හිඳට නව වෙළද සංකීර්ණයක්

    පෙබරවාරි 25, 2016
    දුන්හිද දිය ඇල්ල නැරඹීමට දිනපතා පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා පිවිසුම් මාර්ගයේ ඉදි කළ නව වෙළද සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.
    ඌව පළාත් සභාව විසින් මෙහි වෙළදසැල් 12 ක් ඉදිකිරීමට රුපියල් මිලියන අටක මුදලක් වැයකර තිබේ.
     
    දියඇල්ල නැරඹීමට දිනකට පැමිණෙන 3000 ක් පමණ වන දේශීය විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ඉදිකළ මෙම වෙළදසැල්වලින් දේශීය ආහාර සහ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
     
    දිය ඇල්ලට යන මාර්ගයේ අබලන් ගොඩනැගිලි ඉවත් කර නව ගොඩනැගිලි ඉදිකිරීමට ඉදිරියේදී ඌව පළාත් සභාව බලාපොරොත්තු වේ.
     
    AP/DMU-Badulla
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya