ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කාන්ත ගෘහනියන් නගා සිටුවීම ගාල්ලෙන් ඇරඹේ

    පෙබරවාරි 28, 2016

    ගාල්ල දිස්ත්‍රික් කාන්තාවන්ගේ ගෘහ තත්ත්වය නිසි අයුරින් සංවර්ධනය කරලීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා ගාල්ල හෝල් ඩි ගොල් ශාලාවේදී පැවැත්විණි.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්   ''ෆෝකුස් විමෙන් ''  රාජ්‍ය නොවන ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර වැඩබලන දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ විය.

     

    පසුගිය වර්ෂය තුළ මෙවැනි වැඩසටහනක් අනුරාධපුරය, පුත්තලම හා අම්පාර යන දිස්ත්‍රික්කවල පැවැත්වූ  අතර එමඟින් සිදු කරනු ලබන ක්ෂේත්‍රගත සමීක්ෂණය විසින් ගෘහනියන්ගේ සමාජීය අවශ්‍යතා වඩත් හොදින් අවබෝධ කර ගැනීමට හැකි විය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නේ, ගාල්ල දිස්ත්‍රික්කය තුළ වෙසෙන ගෘහනියන්ගේ සාමාජීය ත්ත්වය විවිධත්වයන් මත පවතින වෘත්තීමය තත්ත්වයන් හා  පවතින බවත් ගෘහය ආශ්‍රිත රැකියා සහ වැවිලි කර්මාන්ත ආශ්‍රිත රැකියා සුවිශේෂි වූවක් බවත් ය.

    මෙම කාන්තා පිරිස් අතර වැන්ඳඹු, දික්කසාද වූ සහ සැමියා අතහැර ගිය කාන්තාවන් විශේෂ අවදානයක් යටතේ සමාජ සවිබල ගැන්වීමකට ලක්විය යුතු  බවද ලේකම්වරිය පැවසුවාය.

     

    මේ අවස්ථාව සඳහා    ''ෆෝකුස් විමෙන් ''ආයතනයේ මෙරට අධ්‍යක්ෂ ශ්‍යාමලා ගෝම් මහත්මිය ද සහභාගී වී සිටියේ යග ගාල්ල දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශී ලේකම්වරුන්මෙන්ම කාන්තා කටයුතු නිලධාරීනීන් ඇතුළු නිලධාරිහු රැසක් සහබාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya