ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ ප්‍රගති සමාලෝචන රැස්වීම් දෙකක්

    මාර්තු 01, 2016

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහනේ මාසික ප්‍රගති සමාලෝචන හමුව හා ළමා සංවර්ධන කමිටු හමුවක් ඊයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවැත්විණි.

    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය රැස්වීම පැවති අතර පශු සම්පත් තාක්ෂණය වැඩි දියුණු කරලීම සහ සෞඛ්‍යාරක්ෂිත කුකුළුමස් නිශ්පාදන ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

    එමෙන්ම කුඩා පරිමාණයේ බීජ රෝපණ ස්ථාන ඇති කිරීම, වෙරළ බඩ ආශ්‍රිතව ප්‍රචලිත කරවල ජාඩි සහ උම්බලකඩ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම ඇතුළු යෝජනා රැසක් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

    එසේම දිස්ත්‍රික්කයේ වගාවන් ආශ්‍රිතව සිදුවන සත්ව හානි සඳහා වන්දි ලබා දීම සඳහා මේ වන විට පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොමැති බැවින් ඉදරියේදී මේ පිළිබඳව වනජීවී අමාත්‍යංශය සමග සාකච්ඡ කිරීමට තමන් බලාපෙරොත්තු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ ය.

    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීනි. මෙම වසරේ පළමු ළමා සංවර්ධන කමිටුව මෙය වන අතර පසුගිය වර්ශයේ ප්‍රගතිය මෙහිදී විශේෂයෙන් ම සමාලෝචනයට ලක් විය.

    මේ අවස්ථාව සඳහා සහභාගී වූ දකුණු පළාත් ළමා හා පරිවාස සමාජසේවා කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ආබාධිත දරුවන් වෙනුවෙන් ම සැකසුණු පාසලක් ගාල්ල දිස්ත්‍රික්කයට ඉතා අත්‍යාවශ්‍ය බවයි. එමෙන්ම ගාල්ල හා බලපිටිය පමණක් නොව දිස්ත්‍රික්කයේ සෙසු උසාවි ආශ්‍රිතව ද පරිවාස කාර්යාලයන් ඇති කිරීමටද තමන් අපේක්ෂා කරන බවට ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya