ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ධීවර යාත්‍රා වලට VMS තාක්ෂණය සැපයීමට මිලියන 1600 ක්

    මාර්තු 07, 2016
    ධීවර යාත්‍රා වලට VMS තාක්ෂණය ලබා දීමට රුපියල් මිලියන 1600 ක් වෙන් කර ඇති බවත්  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.
    මේ වන විට ශ්‍රි ලංකාවට අයත් ගැඹුරු මුහුදේ ඇති මත්ස්‍ය සම්පතින් නෙලා ගනු ලබන්නේ 33% ක් පමණි. එහෙයින් ගැඹුරු මුහුදෙන් ලබා ගන්නා  මත්ස්‍ය සම්පත වැඩි කර ගැනීම සදහා  ලොකු ප්‍රමාණයේ යාත්‍රා  ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලිමට යොදවන ලෙසද අමාත්‍යවරයා ධිවර කර්මාන්තයේ යෙදී සිටින දේශිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
     
    ඒ මහතා මෙම අදහස් පළ කලේ පසුගියදා සී-නෝර් හෝටල් ශ්‍රවණාගාරයේ පැවති  පළාත් ධිවර අමාත්‍ය සමුළුව හා ධීවර කර්මාන්තයේ වර්තමාන ගැටළු සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභාවන්හි ධිවර අමාත්‍යංශද එක් කර ගනිමින් ජාතික ධිවර ප්‍රතිපත්තියක්  සකස් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
     
    මෙවර අයවැයෙන් අභ්‍යන්තර ජලාශ තුල මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවද පැවසු අමාත්‍යවරයා කලපු 116 ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya