ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන සිංහල අවුරුද්දට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ විදුලිය නැති සැමට විදුලිය

    මාර්තු 07, 2016
    මෙම වසරේ අප්‍රේල් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සියළුම ජනයාට අවුරුදු ත්‍යාගයක් ලෙස විදුලි බලය ලබා දීමට කටයුතු යොදන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ රැස්වීමකදීය.
     
    වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරන රටම එළියයි - අදුර දුරලයි - ජාතික විදුලි සත්කාර වැඩසටහන යටතේ මෙම විදුලිය ලබා දීමේ වැඩසටහන දියත් කරන බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ යටතේ සහනදායි ක්‍රමයක් යටතේ විදුලිය ලබා ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදී ඇති බවද පැවසීය.  
     
    මෙම වැඩසටහන යටතේ විවිධ හේතූ නිසා විදුලිය ලබා නොගත් එහෙත් විදුලි ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයෙකුට රුපියල් 40,000 ක ණය මුදලක් ලබා දීමට නියමිතය. එම මුදලින් රුපියල් 17,500 ක මුදලක් නිවසේ ඇතුලත සවි කිරීමට අවශ්‍ය විද්‍යුත් උපකරණ මිළදී ගැනීම ඇතුළු රැහැන්ගත කිරීමේ කටයුතු සදහා යොදා ගත හැකිය. ඉතිරි මුදල සේවා සැපයුම් ලබා ගැනීම සදහා ලබා දෙනු ඇත. අදාල ණය මුදල විදුලිබිල සමග මාසිකව බිල්පතට එක් කොට වාරික වශයෙන් වසර හයකදී අය කෙරෙනු ඇත. මාසිකව ගෙවිය යුතු මුදල රුපියල් 682 ක් වන අතර ණය මුදල සදහා අය කරන්නේ සියයට හතක පොලීයකි.
     
    මෙම ණය මුදලට අමතරව විදුලි සැපයුම ලබා ගැනීමේදී මාර්ගයේ සිටුවා ඇති විදුලි කනුවේ සිට නිවෙස බලා විදුලිය රැගෙන ඒම සදහා දැරීමට වන අමතර මුදලද රුපියල් ලක්ෂ තුනක උපරිමයකට යටත්ව විදුලිබල මණ්ඩලය දරන බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා සෑම අයෙකුටම මෙම වැඩසටහන යටතේ විදුලිය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද පෙන්වා‍ දෙන ලදී.
     
    දැනට ඇති වාර්තා අනුව ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 97.5% ක ප්‍රමාණයක්ම මේ වනවිට විදුලි බලය ලබා ගෙන තිබේ.  ඉතිරි 2.5% විවිධ හේතු නිසා මෙතෙක් විදුලිය ලබා ගෙන නොමැත. ආර්ථික ප්‍රශ්න, ඉඩම්වල නීත්‍යානුකූලභාවය පිළිබද ප්‍රශ්න, අයිතිය පිළිබද ප්‍රශ්න සහ නිවාස ඉදි කිරීමේ ස්වභාවය යන කරුණු විදුලිය ලබා ගැනීමේදී බාධා ගෙන දෙන කරුණු විය. නමුත් මෙම වැඩසටහන ය‍ටතේ කිසිදු බාධාවකින් සහ කොන්දේසියකින් තොරව සෑම අයෙකුටම විදුලිය ලබා ගැනීමට හැකියාව ඇති පරිදි සරල ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන නිසා  එම සියළුම දෙනාට විදුලිය ලබා ගත හැකිය. 
     
    මෙම  අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරින් රැසක්ද සහභාගී වූහ.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya