ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දිවි නැගුම ප්‍රතිලාභීන් 180 දෙනෙකුට රුපියල් ලක්ෂ 37 ක් වටිනා උපකරණ ප්‍රදානය කෙරේ

    මාර්තු 08, 2016
    ජීවන උපාය සංවර්ධන වැඩසටහන යටතේ දිවි නැගුම ප්‍රතිලාභීන් 180 දෙනෙකුට රුපියල් ලක්ෂ 37 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීම  ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
    මෙහිදී ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිළිඳු පවුල් සඳහා මහන මැෂින්, ගෑස් උදුන්, පා පැදි, ඇඹරුම් යන්ත්‍ර, විදුලි උදුන්, කොණ්ඩා කපන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීම සිදුවිය.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, “දැන් අද ගාල්ලේ ජල ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක්. අද ගාල්ලේ ජනතාවට බොන්න වතුර නැහැ.මේ සඳහා මාස 03ක් තුළ තාවකාලිකව විසඳුම් දෙන්න උත්සාහ ගන්නවා. ඒ සඳහා ලක්ෂ 5000 ක් වැය වෙනවා. අවුරුදු 5 ක් යන විට අලුත් ජලාශ ඉදිකරලා ගාල්ලේ පානීය ජල ප්‍රශ්නයට සම්පුර්ණයෙන්ම විසඳුම් ලබා දෙනවා.
     
    දුප්පත්, අහිංසක ජනතාව කුමන දේශපාලන මතවාදයක් දැරුවත් ඔවුන් නගා සිටුවීම අප ආණ්ඩුවේ වගකීමයි. මේ සල්ලි ඔබේ බදු මුදල්. අපි ඒ සඳහා නායකත්වය සපයනවා පමණයි. වෙනත් මතවාද සඳහා ගරු කරන්න. ඔබ සියලු දෙනාම ආරක්ෂා කරන බව මම කියන්න කැමතියි.“ යැයි පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එස් . සත්‍යානන්ද මහතා ඇතුළු ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya