ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලක්ෂ දහයක ඉඩම් කැබළි පිළිබඳ දත්ත පද්ධතියට එක් කෙරේ

    මාර්තු 14, 2016
    ලංකාවේ ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් තවමත් සැකසී නැතැයි ද ඒ නිසා රටේ සංවර්ධන කටයුතු සදහා මෙය විශාල බලපෑමක් සිදු වන කරුණක් යැයි ද ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.පී.රාජපක්ෂ මහතා  පැවසීය.
    කොළඹ  දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය ලේකම් සමුලුවේ දී රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
     
    ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රටක සංවර්ධනය සදහා තොරතුරු ඉතාම අත්‍යවශ්‍ය බවත්, රටක ඉඩම් පිළිබද නිවැරදි තොරතුරු නොතිබීම රටේ සංවර්ධනය සදහා විශාල බලපෑමක් කෙරෙන බැවින් ඒ පිළිබද දත්ත පද්ධතියක් සැකසීම මේ දින වල සිදු වන බවයි.
     
    එහෙත් ඉඩම් පිළිබද තොරතුරු රැස් කිරීමේ දී විවිධ නීතිමය ප්‍රශ්ණ නිලධාරීවාදය හා සම්බන්ධීකරණ ගැටළු හා ආයතනික ගැටළු ආදියෙන් මේ සදහා බාධා මතුවේ. නීති පද්ධතිය වෙනස් කිරීම පහසු වුව ද ආයතනික රටාව වෙනස් කිරීමේ අපහසුතා පැන නැගී ඇත.මේ සදහා පළාත් සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අයි.ටී.ටී.ආයතනයේ තාක්ෂණික සහය හා පෞද්ගලික ආයතන වල සහය ලබා ගැනීම අත්‍යවශ්‍යයි.
     
    2016 වසරේ දී ඉඩම් පිළිබද තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම දැනට ආරම්භ කර ඇති අතර දැනටමත් ලංකාවේ ලක්ෂ දහයක ඉඩම් කැබළි ඇතුළත් කිරීම සිදු කෙරේ.එසේම ඉඩම් දත්ත බැංකුවක් ඇති කිරීමට ද අදහස් කෙරේ.
     
    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම ,සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොළ යන මහත්ම මහත්මීන්ද කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුද සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Colombo
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya