ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මිරිස්සේ ධීවර මෙහෙයුම් තොරතුරු පරිගණක ගත කෙරේ

    මාර්තු 15, 2016
    මිරිස්ස ධීවර වරායේ මෙහෙයුම් කටයුතු පරිගණක ජාල ගත කිරීම පසුගියදා සිදු කෙරිණි.
    ශ්‍රී ලංකාවේ සියලු ම ධීවර වරායන්හි මෙහෙයුම්  කටයුතු සම්බන්ධ තොරතුරු පරිගණක ජාල ගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ  මෙය සිදු කෙරිණි.
     
    ඒ අනුව මිරිස්ස ධීවර වරායේ ලියාපදිංචි සෑම ධීවර යාත්‍රාවක ම තොරතුරු පරිගණක ජාලයට ඇතුළත් කොට තොරතුරු පද්ධතියක් වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.
     
    ධීවර යාත්‍රා වලට ඉන්ධන නිකුත් කිරීමේ දී පවා සපයාගත් ඉන්ධන ලීටර් ප්‍රමාණය හා ඊට අදාළ මුදල ඇතුළත් පරිගණක බිල් පතක් එවෙලේ ම නිකුත් කෙරේ. ඊට සමගාමීව ඉන්ධන ප්‍රමාණය හා මුදල ඇතුළත් සංක්ෂිප්ත එස්.එම්.එස්. පණිවිඩයක් ධීවර යාත්‍රා හිමිකරුගේ ජංගම දුරකථනයට ස්වයංක්‍රීයව ලැබෙන්නට සැලැස්වීම මෙහි ඇති විශේෂත්වයකි.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya