ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සේවා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා වැඩසටහන් මාලාවක්

    මාර්තු 17, 2016
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවා ඵලදායිතාව තව දුරටත් ඉහළ නැංවීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
    එම වැඩසටහන් මාලාවේ පළමු පියවර වශයෙන් සේවා ඵලදායිතාව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරී මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලද අතර
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා අංශයේ ඵලදායිතා සංවර්ධන නිලධාරී නිශාන්ත පෙරේරා මහතා විසින් සේවා ඵලදායිතාව පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීමට සම්පත් දායකත්වය සැපයිණි.
     
    එහිදී සේවා පරිසරය, සේවා සැලසුම, සේවා ක්‍රම, සේවා ඉටු කරන කාර්ය ස්ථානය, සේවක අභිප්‍රේරණය හා ශ්‍රම බලකායේ ගුණාත්මක බව යනාදී අංශ ප්‍රධාන වශයෙන් සංවර්ධනය විය යුතු අංශ වශයෙන් පෙන්වා දෙන ලදි. 
     
    සේවා ස්ථානය තුළ ගත කරන පැය අටක සේවා කාලය තුළ ඵලදායිතා ක්‍රියාවලියෙන් ඔබ්බට වඩාත් නිර්මාණශීලී යමක් තම සේවා ස්ථානය වෙනුවෙන් ඉටු කිරීමට සියලු ම නිලධාරීන් කටයුතු කිරීම වඩාත් උචිත බව ද අවධාරණය කෙරිණි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya