ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහියංගන මූලික රෝහලට රුපියල් මිලියන 130ක් වෙන් කෙරේ

    මාර්තු 18, 2016

    මහියංගණ මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 130 ක මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා තිරණය කර තිබේ.

    පසුගියදා එම රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මෙම තීරණ ගෙන ඇත.

     

    ඒ අනුව නව වාට්ටු සංකීර්ණයක්, වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්, අධිකරණ වෛද්‍ය ඒකකය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 100 ක් ද, ඩෙංගු රෝග නිවාරණ ඒකකය, ශල්‍යාගාර උපකරණ ලබාගැනීම සඳහා තවත් රුපියල් මිලියන 30 ක් ද, වෙන් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම මෙම රෝහලේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමට නියමිතය.

     

    මෙහිදී මහියංගණය මුලික රෝහලේ රුපියල් මිලියන 60 ක වියදමින් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බාහිර රෝග ප‍්‍රතිකාර වාට්ටු සංකීර්ණයත්, රුපියල් මිලියන 70 ක වියදමින් ඉදිවන හෙද නේවාසිකාගාරයත්, ජල ව්‍යාපෘතිය සහ ගිලන් රථ ගරාජය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය.

     

    එමෙන්ම රෝහලට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සදහා වෛද්‍යවරුන් 20 ක්, හෙද හෙදියන් 25 ක්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සහ විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වසරේ දීම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පැවැසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා භෞතික සම්පත් සංවර්ධනයෙහිලා ගිලන් රථ හිඟය සදහා නව ගිලන් රථ ලැබුණු පසු ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගිලන් රථ 250 ක් සහ කැබ් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය  ලැබි ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ පසු එම වාහන මිලදී ගැනීමට නියමිතය. මහියංගණ මුලික රෝහලේ ලේ බැංකුව ද ඉදිරියේ දී විවෘත කිරීමට කටයුතු යොදා ඇත. මෙම රෝහලෙන් වාර්ෂිකව රෝගීන් 50,000 ක් පමණ ප‍්‍රතිකාර ලබාගනු ලබයි. ඒ අනුව මෙම රෝහලට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සඳහා කිරිහලක් සහ දේශීය ආහාරපාන අලෙවිසැළක් මෙහිදී විවෘත කෙරිණි.
     


    මෙම අවස්ථාවට රෝහල් වෛද්‍ය අධිකාරී ඒ.එම්.එස්. බණ්ඩාර මහතා සහ වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya