ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර ජල හිඟය තවදුරටත්

    මාර්තු 23, 2016
    මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන්  විශේෂයෙන් මාතර නගරය ආශ්‍රිතව ජල හිඟය තව දුරටත් උත්සන්න වී තිබේ.
    වැස්ස නොලැබීම හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මුහුදු ජලය ගඟට මිශ්‍ර වී ඇති අතර එම නිසා ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය ක්‍රියා කර ඇත. ඉඳ හිට හෝ ලබා දෙන ජලය ද ලවණ මිශ්‍රිත ජලය වීම නිසා මාතර නගර වාසීන් බොහෝමයක් බෝතල් කළ පානීය ජලය පරිභෝජනයට පෙළඹී සිටිති.
     
    මාතරට බලපා ඇති ජල අර්බුදය හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය ද දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya