මෙම පුහුණු වැඩසටහනට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉල්ලුම් කළ හැකිය. විශේෂයෙන් මෙම පුහුණු වැඩ සටහන මගින් කුරුදු වගාවට සම්බන්ධවිමට උනන්දුවක් දක්වන අයට අවස්ථාව සැලසේ.
කුරුදු වගාව හා අස්වැන්න සැකසීම පිළිබදව තාක්ෂණික උපදෙස් ලබා දීම මෙහිදි සිදුවේ.
මේ පිළිබදව වැඩි විස්තර ජාතික කුරුදු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය, පලෝල්පිටිය , තිහගොඩ, මාතර ලිපිනයෙන් විමසා ලබා ගත හැකිය.
AP/DMU-Matara



















