ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික සෞඛ්‍ය නැංවීමට විශේෂ සම්මන්ත‍්‍රණයක්

    මාර්තු 26, 2016

    ශ‍්‍රී ලංකායේ ප‍්‍රාථමික සෞඛ්‍ය නංවාලීම පිළිබඳ විශේෂ සම්මන්ත‍්‍රණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පසුගිය දා පැවැත්විනි.


    එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ බි‍්‍රතාන්‍යයේ යෝක් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පළ කරන ලද  “ලෝක සෞඛ්‍ය ඉතිහාසය” නම් කෘතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිළිගැන්වීම ද සිදුවිය.

     

    මෙම කෘතිය වසරක් පාසා යාවත්කාලීන කරන අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනය පිළිබඳ ලිපි රැසක් මෙවර කෘතියට ඇතුළත්ව ඇත.

     

    මෙහිදී වැඩි වශයෙන් ඖෂධ භාවිතා කිරීමේ අවදානම, ප‍්‍රාථමික සෞඛ්‍යට අදාළ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවට ලක් විය.


     
    රාගම වෛද්‍ය පිඨයේ මහාචාර්ය රජිත වික‍්‍රමසිංහ මහතා, සැළසුම් හා කළමණාකරණ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය නීලමනී හේවාගීගනගේ මහත්මිය යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya