ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බලශක්ති කළමනාකරණය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    මාර්තු 29, 2016
    බලශක්ති කළමනාකරණය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් සඳහා කාර්යාල මට්ටමින් සහ ගෘහස්ථ මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (30) ප.ව. 2.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    මෙහි සම්පත් දායකත්වය ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) විමල් නදීර මහතා විසිනි.
     
    වර්ෂාපතනය නොලැබීම නිසා පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බල නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හා විදුලි පරිභෝජනය ඉහළ යාම නිසා ඇති වී තිබෙන විදුලි අර්බුදයට යම් තරමක හෝ පිළියමක් සෙවීමේ අරමුණින් බලශක්ති කළමනාකරණය පිළිබඳව විදුලි පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම මේ දිනවල රටපුරා විවිධ වැඩසටහන් හරහා සිදුකෙරෙමින් පවතී.
     
    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංයලු ම නිලධාරීන් සහභාගිවීමට නියමිත ය.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya