ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර දිස්ත්‍රික් විවාහ, උප්පැන්න, මරණ රෙජිස්ට්‍රාර් සංගමය 45 වන සංවත්සරය සමරයි

    මාර්තු 30, 2016
    “විවාහ, උප්පැන්න, මරණ රෙජිස්ට්‍රාර්වරුන් ව්‍යවස්ථාපිත අතින් මෙන්ම සදාචාරාත්මක දුෂ්ටි කෝණයකින් යුතුව සමාජයට ඉතා වැදගත් සේවාවක් ලබා දෙමින් වගකීමකින් සහ වගවීමකින් යුතුව ක්‍රියාකරමින් තම සේවයේ ගරුත්වය රැකගනිමින් කෙරෙන සේවය අගය කළ යුතුයැ”යි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
    රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඊ.එම්.ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති රත්නපුර දිස්ත්‍රික්  විවාහ, උප්පැන්න, මරණ රෙජිස්ට්‍රාර් සංගමයේ 45 වන සංවත්සර උළෙලේ සමාරම්භක අවස්ථාවේදී දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන් අමතමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය. 
     
    තව දුරටත් කතා කළ ඒ මහතා “සිවිල් සමාජ පුරවැසියකු ලෙසත් රෙජිස්ට්‍රාර් පුරවැසියකු ලෙසත් කටයුතු කිරිමේදි ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අනවධානය, නොසැලකිල්ල, ගණන් නොගැනීම ආදී තත්ත්වයන්ට ඉඩ නොතැබිය යුතුය.  නුසුදුසු අය පත්වීම නිසා වැරදි සිදුවීම් වන අවස්ථාද නැතුවාම නො‍වේ. මේ කිසිසේත් නොවිය යුතුය. ඔබගේ සේවයේදී මෙන්ම සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේදී ද නිලධාරියකු කිසිම අවස්ථාවකදී වික්ෂිප්ත භාවයකට පත් නොවිය යුතුය. කෙනෙකු ‍එසේ වන්නේ අදාළ කාර්යය සඳහා පෙර සූදානමක් නොමැති නිසයි. නොසැලකිල්ල සහ තමා වෙත පැමිණෙන සේවා ලාභියාගේ ගැටළුව තම ඇසින් නොදැකීමද රාජ්‍ය සේවයේ බරපතල ගැටළුවක් බවද පැවසීය. 
     
    උප්පැන්න සහතිකය ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ මුඛ්‍යතම මූලාශ්‍රයයි.  රියදුරු බලපත, විදෙස් ගමන් බලපත, ජාතික හැඳුනුම්පත ඇතුළු සියලු අත්‍යවශ්‍ය ලියවිලි ලබා ගැනීමේදී හා විවිධ කටයුතුවල දී මෙය ප්‍රධාන ලේඛනය වන බැවින් නිවැරදිව, නිසිපරිදි අක්ෂර වින්‍යාසය සහිතව පැහැදිලි අකුරින් ලිවීම කළ යුතුය.  ඔබගේ තනතුර, ලැබෙන මුදල සලකා‍ කෙරෙන කාර්යයක් නොව ප්‍රභූ තත්ත්වය ආරක්ෂා කරගෙන කෙරෙන මහජන සේවයකි. අල්ලස, දූෂණය, වංචාව මුළුමනින්ම පිටු දැකිය යුතුය. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින් මිනිසුන් පීඩාවට පත් කොට නීත්‍යානූකූල නොවන දේ ලබා ගැනීමට තමන් එක හෙළාම විරුද්ධ යැයි”  ද දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    රත්නපුර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නිශ්ශංක විජේසිරි මහතා ඇතුළුව රත්නපුර, කොළඹ සහ වෙනත් දිස්ත්‍රික්කවල ආරාධනය ලැබු රෙජිස්ට්‍රාර්වරුන් රැසක්ද මෙම සංවත්සර උත්සවයට සහභාගි වූ බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.‍
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya