ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙලක්

    අප්‍රේල් 07, 2016
    මධ්‍යම පළාතේ මෝ‍ටර් රථ හිමියන්ට අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙලක් හදුන්වාදීමට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා තිබේ.
    ඒ අනුව මධ්‍යම පළාතේ වෙසෙන ඕනෑම මෝටර් වාහන හිමියෙකුට අන්තර්ජාලය ඔස්සේ තම වාහනය සම්බන්ධ තොරතුරු ලබා දී ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ගෙවීම් සිදු කළ හැකිය. අදාල තොරතුරු සහ මුදල් බැර කළ පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් එම අදායම් බලපත්‍රය සතියක කාලයක් තුළ ඉල්ලුම්කරු වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරනු ඇත. ආදායම් බලපත්‍රය තැපෑලෙන් ලැබෙන තෙක් මුදල් ගෙවූ කුවිතාන්සිය සහ අන්තර්ජාලයට ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් පරිගණකයෙන් ලබා ගන්නා ලදුපත තාවකාලික ආදායම් බලපත්‍රයක් ලෙස සතියක කාලයකට වලංගු වේ.
     
    මෙම වැඩසහටහන හදුන්වාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානයක, විදුලි හා ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍ය හරින් පීරිස්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ පළාත් ප්‍රවහාන සහ මහා මාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විය.
     
    අන්තර්ජාලය මගින් ලබා දෙන මෙම සේවාවට අමතරව මධ්‍යම පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් මෝටර් වාහනවල බලපත්‍ර එකම තැනකින් ලබා ගැනීමට හැකි පරිදි පරිගණක ජාලගත කිරීමේ ක්‍රමයක්ද මේ වනවිට මධ්‍යම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී තිබේ. ඒ තුළින් මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගත හැකිය. මහනුවර යටිනුවර වීදියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබද ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශයේ මෙම කාර්යාලය පිහිටා ඇත.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya