ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ මහ අවුරුදු සැනකෙළියක්

    අප්‍රේල් 20, 2016

    ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල ඊයේ (19) දවස පුරා ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත් විනි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් මෙම බක් මහ උළෙල සංවිධානය  කළ බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    උදෑසන පැවති  බයිසිකල් ධාවන තරගය සහ මැරතන් ධාවන තරඟය ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සමාරම්භක සංඥාවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ විය.

    පිරිමි මැරතන් ධාවන තරගයේ පළමු ස්ථානය එම්. කේ. සමන්ත කුමාර, දෙවන ස්ථානය ජී ආර් දිලීප් කුමාර, තෙවන ස්ථානය වසන්ත කුමාර යන ක්‍රීඩකයන් විසින් දිනාගත් අතර කාන්තා මැරතන් ධාවන තරඟයේ පලමු ස්ථානය ශර්මිලා මෙනවිය විසින් දිනාගත් අතර එම්. ජේ. මල්ශානි විසින් මෙහි දෙවන ස්ථානය හිමි කර ගත්තේය.

    බයිසිකල් ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දර්ශන ගුණතිලක විසින් දිනා ගත් අතර ඒ.පී. නිශාන් ලංකා විසින් දෙවන ස්ථානයත්, උදේශ් දිමුතු චතුරංග විසින් එහි තෙවන ස්ථානයත් දිනාගන්නා ලදී.

    ගාල්ල දිස්ත්‍රික් බක්මහ අවුරුදු කුමරිය ලෙස අභිශේක ලද්දේ නිපුණි සංචලා හේවා රාජරත්න මෙනවියයි. ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සහභාගී වී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya