ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තෙවන උදා ගම්මානය අද ජනතා අයිතියට

    අප්‍රේල් 24, 2016

    උදාගම් වැඩපිළිවෙළ යටතේ විවෘත වන 3 වැනි ආදර්ශ ගම්මානය 'සංහිඳගම' ගම්මානයේ නිවාස ජනතා අයිතියට පත් කිරීම අද (24) දින සිදු කෙරේ.

    මෙම ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නයිට් බසාර් ප්‍රදේශය ආශ්‍රිතව පවතින අතර මෙම ගම්මානය වෙත පිවිසීමේ මාර්ග සමඟ අනෙකුත් මාර්ග, ජල පහසුකම් හා විදුලිය වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ.

     

    මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ නිවාස 200ක් වැඩිදියුණු කර ගැනීම සඳහා 'විසිර ණය' ප්‍රදානය හා මෙතෙක් රජයේ ඉඩම්වල පදිංචි වී සිටි ප්‍රදේශයේ පවුල් 300ක් සඳහා ඔප්පු හා ඉඩම් බලපත්‍ර පිරිනැමීම, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක්, ඉඩම් ජංගම සේවාවක්, වෛද්‍ය සායනයක්, ඉදිකිරීම් ශිල්පීය පුහුණුව සහ ආධුනිකයින් 50 දෙනෙකු බඳවා ගැනීමේ වැඩසටහනක් හා ගෙවතු වගා උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.

     

    ප්‍රජා සහභාගිත්වය වැඩපිළිවෙළක් ලෙස පසුගිය ඔක්තෝම්බර් මාසයේ නැවත සක්‍රිය කළ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ආදර්ශ ගම්මාන 38ක් ඉදිකිරීම ආරම්භ  කෙරිණි.

     

    මෙම වසර තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ නව උදා ගම්මාන 200ක් ද ඊට සමගාමීව පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය යටතේ තවත් උදා ගම්මාන 200ක් ද ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya