ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    අප්‍රේල් 27, 2016
    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. 
    කෘෂිකර්ම කමිටුව තුළ වැඩි අවධානයට ලක් වූයේ ඉඟුරු මිල සීඝ්‍රයෙන් පහත බැසීම පිළිබඳවයි. ඒ පිළිබඳව අදහස් දැක් වූ ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා කේ. ටී පලගසිංහ මහත්මිය  සඳහන් කර සිටියේ චීන ඉඟුරු මෙරටට ආනයනය කරලීම මෙම තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවත් මෙරට දේශීය ඉඟුරු වලට වඩා බියර් සැකසීමට මෙම චීන ඉඟුරු ආනයනය බහුලව සිදුවන බවත්ය.
     
    එමෙන්ම පොහොර සහනාධාරය ලබා දීම මධ්‍යස්ථාන 27කදී සිදු කිරීමට නියමිත බවත් ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බවත් එහිදී අනාවරණය විය.ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත රඹුටන්  ගම්මානය පිළිබඳව මෙහිදි සාකච්ඡා කල අතර එය නියාගම ස්ථාපිත කිරීමට නියමිත බවට දිස්ත්‍රික් කෘෂී කර්ම අංශය  විසින් පවසා සිටියේ ය. 
     
    මෙහිදී ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන පිළිබඳව ප්‍රගතිය විමසා බැලීම සිදු වූ අතර මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පා.ම. විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ එම වැඩසටහනේ ගාල්ල ව්‍යාපෘති අධ්‍යක්ෂ ගුණරත්න වීරකෝන් මහතා ද සහභාගී විය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya