ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වස විසෙන් තොර ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන කෑගල්ලේදී

    මැයි 03, 2016
    වස විසෙන් තොර ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩ සටහන, පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ  රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  අද දින  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
    මෙහිදි අදහස් දැක්වු  පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, අසුව දශකයෙන් පසුව වැඩි වශයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නිසා අද වන විට ජලය හා පස දුෂණය විම නිසා ජන ජිවිත වලට තර්ජනයක් එල්ලවී ඇත. 
     
    කෘෂි රසායන ද්‍රව්‍ය  භාවිතයෙන් නිෂ්පාදනය කරන ආහාර නිසා දියවැඩියාව හා පිලිකාමය තත්වයන්ද දුෂිත ජලය හේතුවෙන් වකුගඩු රෝගයද ජන ජිවිතයට තර්ජනයක් වී තිබේ. මේ භායානත තත්වයෙන් මිදිමට නම් වගාම කාබනික පොහොර භාවිතයට යොමුවිය යුතු බවත් , කෑගල්ල දිස්ත්‍රික්කය එවැනි වගාවක් සදහා පාරිසරික වශයෙන්  ඉතාමත් සුදුසු බවත් පැවසුහ.
     
    මෙම අවස්ථාවට  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසුරිය මහතා, රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya