19 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත මෙම නව කොමිෂන් සභාවේ කාර්යය භාරය පිළීබඳව මහජන අදහස් ලබා ගැනීම මේ දිනවල සියළු දිස්ත්‍රික්කයන් හි ක්‍රියාත්මකය. මේ මස 12 වන විට සියළුම දිස්ත්‍රික්කයන් ආවරණය කොට අවසන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කොට ඇත.
ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර දිවයින පුරා පවතින සිවිල් සංවිධාන, මාධ්‍ය එකමුතු වෙතින් ලබා ගනු ලබන අදහස් හා යෝජනා මත කොමිෂන් සභාවට අවශ්‍ය නව සංශෝධන මැතිවරණ කොමිෂමට එක් කිරීමට බලාපොරොත්තු වේ.
මේ අවස්ථාව සඳහා අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සහභාගී විය.
AP/DMU-Galle