ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සේවක ගැටලු විසඳීමේ ජංගම සේවාව අද යාපනයේදී

    මැයි 07, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමේ ජංගම සේවාවේ දෙවන අදියර යාපනය ශික්ෂණ රෝහලේ දී අද (07) පෙරවරු 9.00 ට ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජංගම සේවාව ආරම්භ කෙරේ.

     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියලුම රෝහල් ආවරණය වන පරිදි එක් එක් රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලවල ප‍්‍රශ්න සහ ගැටලු විසදීමේ අරමුණින් ක‍්‍රියාත්මක වේ.


    මෙම ජංගම සේවාවේ ප‍්‍රථම ජංගම සේවාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පැවති  අතර මෙම ජංගම සේවාවේ තුන්වන අදියර බදුල්ල රෝහල මූලික කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya