ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2020 දී අම්පාරේ සැමට තමන්ගේම නිවසක්

    මැයි 09, 2016

    2020 වසර වන විට අම්පාර දිස්ත්‍රික්කයේ සැමට තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් 2017 වසර අවසන් වන විට මේ නවගම්පුර ප්‍රදේශයේ තවත් නිවාස දහසක් පමණ ඉදිකරලා නිම කරන්න බලාපොරොත්තු  වන බවත්  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    අම්පාර, නවගම්පුර ප්‍රදේශයේ ඉදිකළ දයාපුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් පසුගියදා ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි 33,936 දෙනෙකු හා තම නිවස අඩක් නිම කළ 23,437 දෙනෙකු වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක ජීවත් වීමේ වරම ලබා දෙන බවයි.

    දිරිය කාන්තාවන් දස ලක්ෂයක් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව මෙම සෑම නිවසක්ම සඳහා ම අපනයන බෝග ගෙවතු ඉදිකිරීමට නියමිත බවත් පානම ප්‍රදේශයේ නව සංචාරක කලාපයක් ස්ථාපිත කරමින් ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා 25,000ක් ඇති කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය පෙන්වා දුන්නේය.

    දැනට ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 18ක් පමණ වන අතර මෙවැනි වගේ ව්‍යාපෘති හරහා මේ ප්‍රමාණය ඉහළ නංවාගන්න ශැකි බවත් තායිලන්තයට මීට අවුරුදු දහයකට පෙර තායිලන්තයට සංචාරකයින් ලක්ෂ සීයක් වුවත් අද ඔවුන්ගේ රටට සංචාරකයින් ලක්ෂ තුන් සීයක් පමණ එන්නේ ඔවුන් උපාය මාර්ගික එය වර්ධනය කළ නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya