ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ළමා හිත මිතුරු පරිසරයක් පවුල් ඒකකය තුළ නිර්මාණය කිරීමේ වැඩමුළුවක් නුවරඑළියක්

    ජූනි 06, 2014
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් පසුගියදා රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ. 


    "ළමා හිත මිතුරු පරිසරයක් පවුල් ඒකකය තුළ නිර්මාණය කරමු" යන්න මෙහි තේමාවයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.


    කාර්ය බහුල රාජ්‍ය නිලධාරීන් වෙතින් මඟහැරෙන සිය පවුල් ඒකක තුළ පවතින මිත්‍රත්වය වඩාත් හොඳින් තර කරගත යුතු බව මෙහිදී දැනුවත් කෙරිණි. එසේම නිරෝගීකම සහ සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් සිය කාලවේලාවන්ගෙන් මොහොතක් වෙන් කළ යුතු බවට මේ සම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරුණු අතර එසේ නොමැති වුවහොත් අර්බුදකාරී පවුල් පරිසරයක් සහ අලස රාජ්‍ය සේවයක් නිර්මාණය වන බවට අනතුරු ඇඟවිමක් සිදු විය. මෙය බහුතරයක් රාජ්‍ය නිලධාරීන් වෙතින් නොදැනුවත්කම නිසා මගහැරී ගොස් තිබෙන තත්ත්වයකි. දූ දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනික විපරම මෙන්ම පවුල් ඒකක තුළ වර්ධනය කරගත යුතු සතුට සිය ජීවිතය තුළ ප්‍රමුඛ විය යුතු බවට ද මෙහිදී දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ටී.ඒ. ප්‍රසන්න සේරසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.

     

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්.ආර්.යූ. අමරසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩමුළුව පැවැත්වුණු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

     

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya