ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දන්සැල් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

    මැයි 12, 2016

    වෙසක් සහ පොසොන් උත්සව නිමිති කොටගෙන පැවැත්වීමට යෝජිත දන්සැල්වලදී අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    බෞද්ධ සංවිධාන හා වෙනත් ප‍්‍රජාමූල සංවිධාන විසින් දිවයින පුරා දන්සැල් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනු ඇත. ඇතැම් අවස්ථාවල මෙවැනි දන්සැල්වලින් ආහාර ලබාගත් සැදැහැවතුන් ආහාර විෂවීම්වලට ගොදුරු වූ බවට වාර්තා පළ වේ. එකී අවස්ථාවන් වලක්වාගනු පිණිස දිවයිනම ආවරණය වන පරිදි ඒ ඒ දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශ, කොට්ඨාසවල පැවැත්වීමට යෝජිත දන්සැල් සම්බන්ධයෙන් පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට ආහාර පනත යටතේ වන සියලුම බලයලත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විධාන අංක 05/2016 යටතේ මගේ අංක PA/EOH/FCAU/21/2015 ලිපිය මගින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම මහනගර සභා, නගර සභා ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් වෙත දැනුම් දී ඇත.

    දන්සැලක දී ආහාර විකිණීමක් සිදු නොවන බව ද, අදාළ බලයලත් නිලධාරීන් අවධානයට ලක් කළ යුතු බව ද මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත. ඒ අනුව දන්සැල් පවත්වාගෙන යෑමට යෝජිත ස්ථාන ලියාපදිංචි කිරීම, ආහාර පිළියෙල කිරීමේදී, ගබඩා කිරීමේදී හා පිළිගැන්වීමේදී පිළිපැදිය යුතු සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳ දන්සැල් සංවිධායකයන් පූර්ව දැනුවත් කිරීම, සියලුම දන්සැල් කටයුතු සඳහා බීමට සුදුසු ජලය යොදා ගැනීම හා එම පහසුකම් පවතින බව තහවුරු කර ගැනීම, දන්සැල් කටයුතුවලදී බැහැරලන අපද්‍රව්‍ය සෞඛ්‍යයට හානිකර නොවන ලෙස බැහැරලීමට උපදෙස් ලබාදීම හා එම කටයුතු පිළිබඳ පසුවිපරම, ආහාර පිළියෙල කිරීමේදී, ගබඩා කිරීමේදී හා පිළිගැන්වීමේදී අදාළ ස්ථාන පරීක්ෂා කර තවදුරටත් උපදෙස් ලබාදීම ආදිය එම උපදෙස් අතර වේ.

    වෙසක් දන්සැල්වලට අදාළ ව ක‍්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳ දිස්ත‍්‍රික් මට්මින් සංක්ෂිප්ත වාර්තාව අමුණා ඇති ආදර්ශ ආකෘතියට අනුව පුරවා අදාළ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් 2016.06.03 දිනට ප‍්‍රථම හා පොසොන් දන්සැල්වලට අදාළ සංක්ෂිප්ත වාර්තාව 2016.07.01 දිනට ප‍්‍රථම ලැබෙන සේ අධ්‍යක්ෂ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය, සෞඛ්‍ය අමාත්‍යාංශය, 07 වන මහල, අංක 464, ටී.බී ජයා මාවත, කොළඹ 10 ලිපිනයට ලැබීමට සලස්වන ලෙස ද අදාළ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya