ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විස මත්ද්‍රව්‍ය භාවිතය ගාල්ලේ ඉහළට

    මැයි 14, 2016

    විස මත්ද්‍රව්‍ය භාවිතයෙන් දකුණු පළාතෙන් ප්‍රමඛ ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව ඇති බවත්, නගරබදව ඇති විස මත්ද්‍රව්‍ය මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රජාව වෙත සංක්‍රමණය වි ඇති බවත් අන්තාරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ කුමුදනී ජයතිලක මහත්මිය පැවසුවාය.

    ගාල්ල දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණය කමිටුව ඊයේ (13) ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරමින්  සහකාර අධ්‍යක්ෂ කුමුදනී ජයතිලක මහත්මිය  මේ බව සඳහන් කළාය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ විස මත්ද්‍රව්‍ය පැතිරීම සිදුවන බවත් මේ වන විට අට ශ්‍රේණියෙන් ඉහළ පාසල් යන දුවා දරුවන් පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බවත් ඒ මහත්මිය  පෙන්වා දුන්නේය. මත් ද්‍රව්‍ය උප සංස්කෘතියට එක් වී ඇති වාග් කෝශය පාසල් දරුවන් අතර ඉතා ජනප්‍රිය බව ද ඇය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya