ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල ආපදා තත්වයන්

    මැයි 16, 2016
     
    ඊයේ සහ පෙරේදා දින දිවයිනට බලපෑ අධික වර්ෂාව සහ සුලං සහිත අහිතකර කාලගුනික තත්වය හේතුවෙන් අද උදෑසන වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක ග්‍රාම නිලධාරී වසම් 21ක පදිංචි පවුල් 338ක් පීඩාවට පත්ව ඇති බවට දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය සඳහන් කර සිටී.
    කඩවත් සතර, හබරාදුව, බලපිටිය, හික්කඩුව, ගෝනුපීනුවල සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් මෙම හදිසි ආපදා තත්වයට මුහුණ පා ඇත.
     
    ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර පුර්ණ හානියට පත් නිවාස 04ක් සහ අර්ධ හානියට පත් නිවාස 09ක් මේ වන විට හදුනා ගෙන ඇත. එමෙන් ම වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාව වෙත පිසු ආහාර සහ වෙනත් සුභසාධන පහසුකම් ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය විසින් මේ වන විට ලබා දී ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya