ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහවැසි හේතුවෙන් මාතර 330ට අධික පිරිසක් ආපදාවට

    මැයි 18, 2016


    මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 87කට අයත් පුද්ගලයන් 330 දෙනෙකු අවතැන් වී සි‍ටිති.


    මාතර, හක්මන, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම හා අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතාව මෙසේ ආපදාවට ලක් ඇත.

    එක් පුද්ගලයෙකු මරණයට පත් වී ඇති අතර පූර්ණ නිවාස හානි 10ක්, අර්ධ නිවාස හානි 76ක් හා වෙනත් දේපළ හානි 01ක් මේ වන විට වාර්තා වේ. විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙනු ඇත.‍

    අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ම මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට ද බාධා පැමිණ ඇතැයි මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya