ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වේ

    මැයි 26, 2016
    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව පසුගියදා  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය  රමණී රත්නවීර මහත්මිය, පරිගණකය නිසා ළමයින්ට දැන් අලුත් අසනිපයක් ඇතිවෙලා.මෙය ළමයින්ගේ මොලයටයි බල පාන්නේ.  එය internet addiction syndrome ලෙස හැඳින්වෙනව. අන්තර් ජාලය හා සමාජ වෙබ් අඩවිය නිසා තමයි මෙහෙම සිදුවන්නේ.ආසියාවේ ළමයින්ගෙන්  45% මෙම රෝගයට ගොදුරු වෙලා. ලංකාවේද තත්වය භයානකයි. මෙයට ප්‍රතිකාර කරන්න වෙනවා. මෙයට යම් විසදුමක් නොකළහොත් මානසික රෝග දරුවන්ට හැදිමේ හැකියාව ඉතාම ඉහළයි.
     
    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවලින් යම් ප්‍රචාරක් ලබා දිය යුතු බවට ඇය පෙන්වා දුන්නාය. 
     
    මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන සියළු නිලධාරීහූ සහභාගී වි සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya