ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කළුතර සියලු ම රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී

    මැයි 27, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කළුතර දිස්ත‍්‍රික්කයේ සියලු ම රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මධ්‍යම රජය යටතේ පවතින කළුතර මහ රෝහල සහ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන සියලු ම රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා වන මුළු වියදම රුපියල් 2,669,182,551.17කි. කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු ලබන 29 දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව කළුතර මහ රෝහලේ මාතෘ හා ළමා රෝග වාට්ටු සංකීර්ණයක්, නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් (රුපියල් මිලියන 435.74), අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකයක් (රුපියල් මිලියන 468), ඖෂධ ගබඩාවක් (රුපියල් මිලියන 280.87), නව සායන ගොඩනැගිල්ලක් (රුපියල් මිලියන 155.70), අක්ෂි වාට්ටුවක් (රුපියල් මිලියන 256.61), නව ජල ටැංකියක්, කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය.

    එසේ ම පළාත් සභා රෝහල් සංවර්ධනයේ දී හොරණ මුලික රෝහලේ මහල් 06කින් යුතු ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම, එම රෝහලේ විවාහක හා අවිවාහක වෛද්‍යවරුන් සඳහා නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නව ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය. පිඹුර මුලික රෝහලේ තෙමහල් වෛද්‍ය නිල නිවාසය ඉදිකිරීම, මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් (සායන, වාට්ටු, එක්ස්රේ ඒකක, මූලික ප‍්‍රතිකාර ඒකක සහ බාහිර රෝගි අංශය) ඉදිකිරීමටත්, බණ්ඩාරගම රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීම, මුළුතැන්ගෙය හා කෑම කාමරය ඉදිකිරීමටත්, බදුරලිය පර්යන්ත රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදියුණු කිරීමටත්, දොඩම්ගොඩ රෝහලේ මුළුතැන්ගෙය හා විවේකාගාරය ඉදිකිරීම, බාහිර ප‍්‍රතිකාර ඒකකය පුළුල් කිරීමටත්, මතුගම රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකය හා හදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීම, සායන ගොඩනැගිල්ල ඉදිකිරීම, මළුතැන්ගෙය ඉදිකිරීම ආදි සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

    කටුගහහේන රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමටත්, මිගහතැන්න රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත්, බුලත්සිංහල රෝහලේ වාට්ටු අංක 02 ඉදිකිරීම හා මුළුතැන්ගෙය හා උපස්ථායක නිල නිවාසය අලුත්වැඩියා කිරීම, හල්තොට රෝහලේ බාහිර ප‍්‍රතිකාර ඒකකය හා හදිසි ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීමටත්, ගල්පාත රෝහලේ සුළු සේවක නිල නිවස ඉදිකිරීමටත්, ගෝනදුව රෝහලේ මුළුතැන්ගෙය, වැසිකිළි සකස් කිරීමටත්, යටපාත රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය, ගිලන් රථ ගරාජය හා රියදුරු විවේක කාමරය ඉදිකිරීමටත්, වෛද්‍ය නිල නිවාස ඉදිකිරීමටත් නියමිතය. මේ සඳහා වන මුළු ඇස්තමේන්තු වියදම රු. 274,689,689.35 කි.

    නිව් චැටල් වතු රෝහල සංවර්ධනය සඳහා රු. 25,000,000.00ක මුදලක් ද, හොරණ මූලික රෝහල සඳහා ඩිජිටල් එක්ස්රේ යන්ත‍්‍රය ලබාදීම සඳහා රු.19,000,000.00ක මුදලක් ද, පානදුර රෝහල සඳහා ඩිජිටල් එක්ස්රේ යන්ත‍්‍රය ලබාදීම සඳහා රු. 19,000,0000.00ක මුදලක් ද ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya