ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

    ජූනි 01, 2016
    මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.
    මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත්කර ඇති ගැටළු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2016 සංවර්ධන සැලැස්ම මෙන්ම ජනාධිපති කාර්ය සාධන බලකායේ විශේෂ වැඩසටහන් වන වකුගඩු නිවාරණ වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීමේ හා හෙළ සුවය භාරකාර අරමුදල ඒකාබද්ධ ව්‍යාපෘතිය, පරිසර ආරක්ෂණ ජාතික වැඩසටහන හා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ආදියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව මෙහි දී සාකච්ඡා කරන ලදි.
     
    දැයට කිරුළ සංවර්ධන වැඩසටහන 2014/2015, විමධ්‍යගත වැඩසටහන 2016, දැයට කිරුළ වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග, දිවිනැගුම ජාතික වැඩසටහන, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත්පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන ලදි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය රැස්වීම සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya