ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බලපිටිය ගංවතුර ප්‍රශ්ණයටත් ධීවර ගැටලුවලටත් තිරසාර විසඳුමක්

    ජූනි 03, 2016

    බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාතමුල්ල හා ඕවිලාන ගංවතුර  ප්‍රශ්නයට , බලපිටිය ධීවර ගැටලු හා මාදු ගං පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා තිරසාර විසඳුමක් සති 2ක් ඇතුළත ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    පසුගියදා  බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

     

    මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාතමුල්ල හා ඕවිලාන ගම්මාන වල ජනතාවගේ ගංවතුර ගැටලුව හා ධීවර ජනතාවගේ මෝය ප්‍රදේශය ස්වභාවිකව වැසී යාමේ ගැටලුව මෙන්ම රම්සා තෙත් බිමක් ලෙස හඳුන්වන මාදු ගඟ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙරළ  සංරක්ෂණය, වාරි මාර්ග, වන ජීවී, පරිසර හා ධීවර යන සියලු අංශ එක්ව ලබාදුන් මූලික නිරීක්ෂණ වල අවසන් යෝජනාවලිය තිරසාර විසඳුමක් ලෙස සති 2 ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

     

    එම රැස්වීමේදී බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසරකට දෙවතාවක් ස්වභාවිකව වැසී යන මෝය හේතුවෙන් ධීවරයන් මුහුණපාන ගැටලු පිළිබඳව මෙන්ම රන්සා තෙත් බිමක් ලෙස හඳුවන මාදු ගං පරිසර පද්ධතියට මෝටර් බෝට්ටු වැනි භාවිතයන්ගෙන් සිදු වන හානිය අවම කර ගනිමින් විධිමත් භාවයකින් මාදු ගං පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

     

    ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානම තදින්ම බලපාන  ප්‍රදේශ ලෙස බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාතමුල්ල හා  ඕවිලාන යන ගම්මාන හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශවල ජනතාව වසරකට දෙවතාවක් ගංවතුර අවධානමට මුහුණ දෙන අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊට කඩිනම් හා තිරසාර විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කළේ 2014 වසරේදී ය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වෙරළ සංරක්ෂණය, වාරි මාර්ග, වන ජීවී, පරිසර හා ධීවර යන අංශවල   අවධානයට පාතමුල්ල හා ඕවිලාන ගම්මාන නතුව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya