ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ අධිවේගී මාර්ග 3ක ඉදිකිරීම් ඇරඹේ

    ජූනි 07, 2016

    ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රටේ මහාමාර්ග පද්ධතිය නවීකරණය කරන බවත් ඒ අනුව මේ වසරේ මාර්ග 875ක්  සහ ලබන වසරේ මාර්ග 1500ක් සංවර්ධනය කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සඳහ අවශ්‍ය වන මුදල් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන බවයි.

     

    ලබන වසරේ  ජූලි මාසය වන විට උතුර , නැගෙනහිර , කොළඹ , බදුල්ල යන පළාත්වල පාරවල් 1,500ක් සෑදීම සිදු වන බවත්  කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය , කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය , කොළඹ - පොලොන්නරුව අධිවේගී මාර්ගය ඒ සියල්ලම ලබන වසරේ ආරම්භ කිරීමේ වැඩ සැලැස්මක් තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    පරණ ගාලු පාර සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් ,  බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය මඟින් මොරටුව / පානදුර ප‍්‍රදේශ යා කෙරෙමින් ඉදි වූ මොරටුව දිගරොල්ල පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.

     

    එවකට රජයේ වැඩ දෙපාර්තුමේන්තුව විසින් නිර්මාණය කරන ලද දිගරොල්ල යකඩ පාලම වසර 106 ක් පැරණිය. නව පාලම නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 625 ක මුදලක් වැය කෙරිණි. ප‍්‍රතිපාදන සැපයීම මාර්ග සංවර්ධන අධිකාරිය සහ බී‍්‍රතාන්‍ය යකඩ පාළම් ව්‍යාපෘතිය මඟින් සිදු කර ඇත.


     
    මෙහිදී පැරණි පාලම නිරීක්ෂණය  අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙමින් කියා සිටියේ පැරණි පාලම පිළිබඳව පූර්ණ විධිමත් අධ්‍යනයක් සිදු කර අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙන් පසු ගමනාගමනය සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya