ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ තේ පැල 75,000 ක් සිටුවති

    ජූනි 08, 2016
    2016 වර්ෂයේදී  තේ වගා පුනරුත්ථාපන වැඩ සටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් තේ පැල 75,000 ක් සිටු වීමේ වැඩ සටහනක්  ආරම්භ කර ඇත. 
    මෙම වැඩ සටහනට සමගාමීව මේ වන විට තේ පැල 4,025 ක් පමණ ක්ෂේත්‍රයේ  ස්ථාපිත කර ඇත. එසේම කුඩා තේ වතු  සංවර්ධන අධිකාරිය මගින් තවත් වැඩ සටහන් රැසක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දැනටමත් ආරම්භ කර තිබේ.
     
    තේ වගාව සදහා හෙක්ටයාර් 98 ක පස සංරක්ෂණය කිරීම, ඒක පුද්ගල ගොවි පුහුණු  වැඩ සටහන් 3,000 ක්ද,  පරිසර P.H පරික්ෂණ පැවැත්වීමේ වැඩ සටහන් 3,200 ක්ද ක්‍රියාත්මක කිරිමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya