ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

    ජූනි 08, 2016
    වත්මන් රජය කෙරෙහි ජනතාවගේ පිළිගැනීම සහ විශ්වාසය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් පවතින බවත්, ඒ සදහා උඩුගං බලා යන දේශපාලන තීන්දු පදනම් වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. 
    ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්ති මහජන සුභ සිද්ධිය පිණිස ක්‍රියාත්මක කිරීමේදී සියළු ජාතික හා ආගමික කොටස් සංහිදියාවේ සෙවනැල්ල යටතේ බැද තැබීම සදහා අප වෙතද අත් හැරිය නොහැකි වගකීම් ඇති බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. 
     
    ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මධ්‍යම පළාතේ හය වන පළාත් සභාවේ සිව්වැනි සැසිවාරයේ සභා රැස්වීමට සහභාගී වෙමිනි.
     
    මධ්‍යම පළාත් සභා ඉතිහාසය තුළ සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවක හැර සැසිවාරයක් අතරතුර සභාව ඇමතූ ප්‍රථම ආණ්ඩුකාරවරිය ලෙසද එම අවස්ථාව පෙන්වා දිය හැකිය.
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය ආණ්ඩුකාර තනතුර සදහා තමන් වෙත පැවරී ඇති බලතල කිසිදු අවස්ථාවක සංවර්ධන ක්‍රියාවලින්ට එරෙහිව අනිසි ලෙස යොදවන්නේ නැති බව පැවසූ අතර, එසේ වුවත් ජනතාවගේ හිත සුව පිණිස අවශ්‍ය අවස්ථාවලදී ව්‍යාවස්ථානුකූලව තමා වෙත පැවරි ඇති බලතල ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද ප්‍රකාශ කරන ලදී. 
     
    එපමණක් නොව ජනතාව වෙත සේවාවන් ලබා දීමේදී කිසිදු වාර්ගික, ආගමික හෝ දේශපාලන පදනමක් කෙරෙහි තමන්ගේ කිසිදු විශේෂත්වයක් යොමු නොකරන බවත් සැමට එක හා සමාන ලෙස කටයුතු කරන බවත් පැවසීය.
    මධ්‍යම පළාතට උරුම ශක්තීන් සහ සම්පත් පිළිබද අප තව දුරටත් ගවේෂණශිලී විය යුතු බව පැවසූ ආණ්ඩුකාරවරිය ඒ තුළින් වෘත්තීය අවස්ථාවන් ඇතිකරලීමට උනන්දු විය යුතු බවද පැවසීය. එහිදී වැඩි කළ හැකි රාජ්‍ය තනතුරු වලට වඩා වැඩි කළ හැකි වෘත්තීය අවස්ථාවන් පිළිබද අවධානය යොමු කළ යුතු බවද මෙහිදී ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    ආණ්ඩුකාරවරියගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව විනාඩි 10 ක කාලයක් සදහා කල්තැබූ පළාත් සභාව නැවත පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya