ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයට වස විෂ නැති ආදර්ශ සමෝධාන ගොවිපළ 14 ක්

    ජූනි 12, 2016
    රජය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වස විෂ නැති සමෝධාන ගොවිපළ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආදර්ශ සමෝධාන ගොවිපළ පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත. 
    ඒක භෝගී හෝ බහු භෝගී ගොවිපළ ක්‍රමය වෙනුවට සමෝධාන ගොවිපළ ක්‍රමය වඩාත් උචිත බවට තහවුරු කරගෙන ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක ගොවිපළ 14 ක් පිහිටුවීමට ගොවීන් තෝරාගෙන ඇත.
     
    මෙහි දී එළවලු, පළා වර්ග, අල භෝග, පළතුරු ආදී වගාවන් මෙන්ම කිරි ගවයින්, එළුවන්, ඌරන්, හාවුන් වැනි සතුන් ඇති කිරීම හා මිරිදිය මත්ස්‍ය වගාව ආදී ක්ෂේත්‍ර ගණනාවක එකතුවක් වශයෙන් සමෝධාන ගොවිපළ ක්‍රියාත්මක කෙරේ.
    වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයාබැලීමට සහ අනෙකුත් ගොවීන්ට ආදර්ශයන් ලබා ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අපරැක්ක ප්‍රදේශයේ පිහිටි ප්‍රදීප් සුදර්ශන මහතාගේ සමෝධාන ගොවිපළ යොදා ගෙන ඇත.
     
    රසායනික කෘමි නාශක වර්ග හෝ රසායනික පොහොර වර්ග කිසිවක් භාවිතා නොකර කාබනික පොහොර වර්ග හා සාම්ප්‍රදායික දැනුම උපයෝගී කරගෙන කෘමි අගුල් මෙන්ම වෙනත් ක්‍රමවේද භාවිතා කරමින් වගාවන් සිදු කෙරේ. සත්ත්ව පාලනයේ දී ද සතුන්ගේ ආහාර සඳහා විවිධ හෝමෝන වර්ග වෙනුවට අපතේ යන ආහාර ආදිය යොදා ගනී. ප්‍රදේශයේ විවිධ ආයතන වලින් දිනට අපතේ යවන ආහාර කිලෝ ග්‍රෑම් 2,500 ක් මෙම ගොවිපළට රැඟෙන එයි. එයින් සතුන්ගේ ආහාර සඳහා ලබා දී ඉතිරි කොටස කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් යොදි ගනී. මෙහි බයෝ ගෑස් නිෂ්පාදනය ද සිදු කෙරේ. 
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya