පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැලසීම සහ වෙනත් සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් මේ විද්‍යාල දැමෙනු ඇත.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා ජාතික පාසල, අ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, අ/වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අ/සහීරා මුස්ලිම් මහා විද්‍යාලය, අ/විවේකානන්ද දෙමළ මහා විද්‍යාලය, අ/නිවත්තකචේතිය මහා විද්‍යාලය, අ/රත්මලේ තිස්ස මහා විද්‍යාලය, අ/අලුත්වැව කුමාර විද්‍යාලය, අ/ මහා බෝධි මහා විද්‍යාලය, අ/නීරාවිය දේවානම්පියතිස්ස විද්‍යාලය, තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය, කනිෂ්ඨ විද්‍යාලය සහ කම්මලක්කුලම යන විද්‍යාල මෙසේ පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට 15 වන දින දක්වා වසා දැමෙන පාසල් වේ.
මේ පාසල්වල අතපසු වන අධ්‍යයයන කටයුතු සඳහා සති අන්තයේ හිලවු සැසි පැවැත්වීමටද කටයුතු කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
NDH



















