ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පෝෂණයට බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම ගැන සාකච්ඡාවක්

    ජූනි 14, 2016

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (13) ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    දිගු කාලයක සිට මෙරට පෝෂණ සඳහා වන නිසි ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය පැවති බවත් එයට වත්මන් ජනපතිවරයාගේ මූලිකත්වය හිමි වී ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටියේ ය.


    දරුවෙකු ඉපදුණු දින සිට දින 1,000ක් යන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් එම දරුවාට අවශ්‍ය පහසුකම් ලබාදීමට වගකීමෙන් බැඳී සිටින බවත් රටේ සෞඛ්‍ය අමාතයාංශය මෙරට සෞඛ්‍ය හා පෝෂණ කාර්යාවලිය තුළ 80%ක වගකීමක් මෙහෙය වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

     

    මේ අවස්ථාව සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය හා පෝෂණ කටයුතු සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya