ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    යලි පදිංචි කිරීමේදී අවදානම් නොමැති ස්ථාන වලට යොමු කරන්න- අමාත්‍ය එස්.බි දිසානායක

    ජූනි 15, 2016
     
     ආපදා වලින් විපතට පත්වූ ජනතාව යලි පදිංචි කිරීමේදී නැවත වරක් අනාරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමෙන් වලකින ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. 
    වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පසුගිය වසරේ දෙල්තොට සිදුවූ  නායයෑම් වලට ලක්වූවන්ට ලබා දුන් ඇතැම් ඉඩම් මෙවර ආපදා වලදී අවදානම් කලාප ලෙස නැවත ප්‍රකාශයට පත් කර ඇති බව පැවසීය. එබැවින් ආපදා වලට ගොදුරුවී එම ප්‍රදේශ වලින් ඉවත් කළ පුද්ගලයන් යළි පදිංචි කිරීමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය සහිතව වඩාත් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගන්නා ලෙසද ආමාත්‍යවරයා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදී.
     
    අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්ට මෙම උපදෙස් ලබා දෙන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදීය.
     
    මෙවර සිදු වූ අධික වර්ෂාව නිසා ඇතිවූ අනාරක්ෂිත තත්වය නිසා දිස්ත්‍රික්කයේ වතු නිවාස වලින් තාවකාලිකව ඉවත් කළ ජනතාවට එම නිවාස පදිංචියට සුදුසු පරිදි යළි පිළිසකර කර දීම වතුපාලකයන්ගේ වගකීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය කඩිනමින් ඉටු කර දෙන ලෙස ඔවුන් දැනුවත් කරන ලෙසද ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන ලදී. එතෙක් ඔවුන්ට ලබා දෙන සියළු ආධාර උපකාර සහ වියළි ආහාර ද්‍රව්‍ය නොකඩවා ලබා දෙන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත උපදෙස් ලබා දෙන ලදී. නිවාස ඉක්මනින් පිළිසකර කර නොදෙන වතු පාලකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකි ආකාරය සොයා බලන ලෙසද එහිදී ඔහු වැඩි දුරටත් දැනුම්‍ දෙන ලදී.
     
    පසුගියදා හටගත් ආපදා තත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 32 ක් අවතැන් වී සිටින අතර, පවුල් 1365 ක් පීඩාවට ලක්වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ අතරින් වතු  සමාගම් 10 කට ආසන්න ප්‍රමාණයක නිවාස වලටද හානි ඇති වී ඇති බව පෙන්වා දුන් ඔහු ඒවා පිළිසකර කර දෙනතුරු තාවකාලික කූඩාරම් කට්ටල ලබා දීමට කටයුතු යොදන බවද පෙන්වා දෙන ලදී.
     
    මෙහිදී අදහස් දැක්වූ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවු‍ෆ් හකීම් මහතා මෙවර සිදු වූ ආපදා වලින් හානි සිදුවූ ජනතාව යලි ගොඩනැංවීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් ඔවුන් වෙත ලබා දෙන විකල්ප ඉඩම් ඉතා ඉක්මනින් හදුනාගෙන ඔවුන් පදිංචි කිරීමට කටයුතු යොදන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු වගකිව යුතු ‍අංශ වෙත පෙන්වා දෙන ලදී. 
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya