ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම පවුල් 1,100 කට ප්‍රජා ජලයෝජනා ක්‍රමයක්

    ජූනි 22, 2016
    උත්තර අම්මවිල්ලුව සිව්දිය දහර ප්‍රජාමූල සංවිධානයේ පවුල් 1,100 ක් සඳහා මිලියන 24 ක වියදමින් ඉදිකෙරුණු ප්‍රජා ජලයෝජනා ක්‍රමය පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අතට පත් කෙරිණි.
    පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන්ගේ ගහණය වැඩිවෙමින් පවතින අතර, ආණමඩුව ආසනයේ පමණක් රෝගීන් 580 ක් ලෙස ‍වාර්තා වේ.
     
    එහෙයින් රජයේ කැබිනට් තීන්දුව මත කෝටි 500 ක් පුත්තලම දිස්ත්‍රික්කයට වෙන් කොට ඇති බවද  “ආරෝප්ලාන්ට් “ නැමැති ජල පෙරණ යන්ත්‍ර ස්ථාන ගත කිරීමට දිස්ත්‍රික් ජල සම්පාදන ප්‍රජාමූල සංසදයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා උත්තර අම්මවිල්ලුව, මධ්‍යම අම්මවිල්ලුව හා බෝධි රාජපුර ගම්මානවල ජනතාවද එක්වීය.  ජල ලීටර් 8,000 ක ධාරිතාවයකින් යුත් ටැංකියක් කි.මී 40 ක බට එලීමක් මේ වන විට සිදුකොට ඇත.  ආසියානු බැංකු ආධාර යටතේ පස්වන අදියරෙන් 2017 වසරේදී පිරිපහදු ජලය ලබා දීමට අනුමැතිය ලැබී ඇත.
     
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya