ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ වැඩසටහනක් අද මාතලේදී

    ජූනි 09, 2014

    ලබන ජූනි 12 දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනයට සමගාමීව මාතලේ ළමා ආරක්ෂක අධිකාරිය විසින් මාතලේ නගරයේ අත්පත්‍රිකා බෙදා දීමේ සහ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද ( 09) ආරම්භ කරන ලදී.


    ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම, විවිධ ව්‍යාපාර කටයුතුවලට ශ්‍රමය ලබා ගැනීම, මත්ද්‍රව්‍ය වැනි තහනම් භාණ්ඩ ප්‍රවාහනයට ළමයින් යොදා ගැනීම සහ ලිංගික කටයුතුවලට ළමයින් යොදා ගැනීමට එරෙහිව මෙම වැඩසටහන් සංවිධානය කොට තිබුණි.


    ළමා ශ්‍රමිකත්ව පිටුදැකීම සඳහා ළමයින් අමානුෂික වද හිංසනවලින් බේරාගැනීම, ළමයා යනු වයස අවුරුදු 12 අඩු අයෙකු බවත් ළමයින් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු බවත් මෙහිදී ජනතාව දැනුම්වත් කරමින් නිලධාරින් අත්පත්‍රිකා බෙදා දීම සිදු කරන ලදී.


    මෙම අවස්ථාවට මාතලේ සහකාර දිස්ත්‍රික් ලේකම් චමිල් සකලසූරිය, පරිපාලන නිලධාරී සුභාෂිණි විජේසිංහ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් රැසක්ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් සහ මාතලේ පොලීසියේ නිලධාරිහු ද සහභාගි වූහ.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya