මෙම කරුණු අනාවරණය වුයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්ව්ණු ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදීය. පසුගිය කාල සීමාවන් තුළදී දිස්‍ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන් නිසාවෙන් ජාතික වශයෙන් ගාල්ල ඩෙංගු අවදානම් කලාප තුළ නොපැවතීම සතුටට කරුණක් වූවත් අවදානමින් මිදී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සී සිරිතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම සෞඛ්‍ය සේවා සහ ප්‍රතිකාර වඩාත් ගුණාත්මක අගයක පැවතීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ මරණ කිසිවක් වාර්තා නොවන බවත් එය පොදුවේ රටේ ඇති වී තිබෙන යහපත් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිඵලයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.
AP/DMU-Galle



















