ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිල මෙහෙවර වැඩ සටහන 07 දා ඇලහැරදී

    ජූලි 03, 2016
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදී මසක් පුරා පැවැත්වීමට නියමිත  නිල මෙහෙවර ජංගම සේවාවෙහි දෙවන වැඩ සටහන ජුලි 07 දා ඇලහැරදී පැවැත්වේ.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත පැවැත්වෙන මෙම  ජංගම සේවාව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කර ඇත.
     
    මෙහි පළමු වැඩ සටහන ජුලි 01 - 02 මැදිරිගිරියේදී පැවැත්වුනු අතර හිඟුරක්ගොඩදී  08 - 09,  වැලිකන්ද 12 , දිඹුලාගල 16, ලංකාපුර 17, තමන්කඩුව 22 - 23, යන දිනයන්හීදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල මෙහෙවර ජංගම සේවාව පැවැත්වීමට සැලසුම් කර ඇත.එහි සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 30 වන දින පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.
     
    නිල මෙහෙවර ජංගම සේවය යනු නිලධාරීන් මඟින් ජනතාවට ඉටුකරන සේවයක් බවත් එයට කිසිදු විටක දේශපාලනය ඇඳානොගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
     
    මෙම ජංගම සේවාව මඟින් කිසිදු අය කිරීමකින් තොරව උප්පැන්න විවාහ මරණ සහතික, ජාතික හැඳුනුම් පත් ලබා දීම, වෛද්‍ය සායන, සමෘද්ධී - වැඩිහිටි දීමනා, කුඩා ව්‍යාපා ණය ලබා දීම, අධ්‍යාපන සම්මන්ත්‍රණ, ඉඩම් හිමිකම් ගැටලු නිරාකරණය කිරීම, ගොවි කම්කරු ගැටලු නිරාකරණය කිරීම, ස්වයං රැකියා අවස්ථා හඳුන්වා දීම, අගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වැනි විශාල සේවා රැසක් ඇතුළු ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳාගැනීම සඳහා අවස්ථාව සලසා ඇත.
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලු රැසක් තිබෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම ජංගම සේවා මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලු නිරවුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇත. 
     
    එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන සේවාවන් එක් දිනකින් මෙහිදී ලබා ගත හැකිය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම් ආදී විවිධ උපද්‍රවයන් සඳහා තිරසාර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශය හා එයට අනුබද්ධ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම ලබා ගැනීමට මෙම ජංගම සේවය තුළින් හැකිවේ. 
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණූ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආදි ආයතනයන්හි නිලධාරින් සහභාගි වීමට නියමිතය.
     
     AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya