ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරිසරික සමතුලිතත්වය රැකෙන සංවර්ධනයක්

    ජූලි 04, 2016

    පාරිසරික සමතුලිත භාවය රැකෙන පරිදි රටක් සංවර්ධනය කිරීම වැදගත් වන බව වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.

    පොලොන්නරුව ගල් අමුණ ව්‍යාපාරයට අයත් මල ඔය ආරක්‍ෂිත බැම්ම සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (04) දා  එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    ගල් අමුණ ප්‍රදේශයේ ගංවතුරින් හානියට පත්වන කුඹුරු සදහා මෙම ආරක්‍ෂිත බැම්ම ඉදි කෙරෙන  අතර මේ සඳහා රුපියල් මිලියන් 7ක මුදලක් වැය කිරීමට නියමිතය. අපදා කළමනාකරණ අමාත්‍යංශය  යටතේ මේ සඳහා මුදල් වෙන් කර තිබේ.
     
    මෙම අවස්ථාවට වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කපිල ජයසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක, යන මහත්වරුන් ඇතුළු ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya