ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවරට නව බරස්රථ සේවාවක්

    ජූලි 06, 2016

    මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් නව බස්රථ සේවාවක්  හදුන්වාදීමට  මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබෙන මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය එක්කය සඳහන් කරයි.

     නියමු ව්‍යාපෘතියක් ලෙස   දිගන- මහනුවර හා කඩුගන්නාව - මහනුවර   යන මාර්ග දෙක හා ඒ සම්බන්ධ අතුරු මාර්ගද ඇතුළත් වනසේ  මෙම නව බස්රථ සේවය  මේ මස පසුගිය මාසයේ   20 වෙනි දින සිට ක්‍රියාත්මක කරන බව  මධ්‍යම පළාත්  මගී ප්‍රවාහන  අමාත්‍ය එදිරිවීර වීරවර්ධන  මහතා පැවසීය.

    මොරටුව විශ්ව විද්‍යාලය හා  එක්ව මෙම නව  බස්රථ සේවය හඳුන්වා දී ඇති අතර නව ක්‍රමය තුළින් බස්රථ  අතර තරගකාරිත්වයක්  ඇති නොවන බව පෙන්වා දෙන අතර බස් රථවලින් ලැබෙන ආදායම  ධාවනය කරන ලද   දුර ප්‍රමාණය අනුව  තීරණ වේ.

    නව ක්‍රමවේදයත් සමඟ  මෙම බස් රථ සඳහා සීසී ටීවි පද්ධතියක්.  ජී.පී.එස්. තාක්ෂණය, දුරකථන හා ඉලෙක්ට්‍රෝනික්  ටිකට් පත් නිකුත් කිරිමේ පහසුකම් හිමිවේ.

    එසේම බස් රථ අධික්ෂණය කිරීම සදහා  මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති අතර  මෙම නව වැඩපිළිවෙළ සඳහා  බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මේ වන විටත් පුහුණු කොට තිබේ.  

    මහනුවර  දිගන බස් රථ සේවය  දුම්බර බස් ලයින් ලෙසත් මහනුවර කඩුගන්නාව බස් රථ සේවය  දෙනුවර  බස් ලයින් ලෙසත් නම් කොට තිබේ.  මෙම නියමු ව්‍යාපෘතිය සඳහා  මෙම මාර්ග දෙකට අදාළ බස් රථ 355ක්  නව  බස් රථ සේවය සඳහා  සම්බන්ධ වේ.

    නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ බස් රථ අතර ඇතිවන අනවශ්‍ය තරගය ඉවත් වීම,  රාත්‍රි කාලයේ දී පවා  නියමිත වේලාවට බස්රථ ධාවනය කිරීම,    මාර්ග තදබදය අවම වීම, විශේෂයෙන් මාර්ග අනතුරු අවම  වීම වැනි  ප්‍රතිලාභ රැසක් මෙම නව සේවාව තුළින්  ජනතාවට  හිමිවන බව අමත්‍යාවරයා පැවසීය.  

    මධ්‍යම පළාත් සභා  සැසිවාරයේදී  සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (05) ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya