ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ට නිවාස

    ජූලි 10, 2016
     "නිල සෙවණ" මහල් නිවාස සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීම ජුලි 09 වැනි දින පෙරවරු 10.00 ට රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  සහ උසස් අධ්‍යාපන හා මහා මාර්ග පිළිබද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය ඉදි කිරීම් භුමියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. 
    මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන රජයේ සේවකයන් සදහා ඉදි කෙරෙන  මෙම මහල් නිවාස සංකීර්ණය මහල් 11 කින් සමන්විත වන අතර,  නිවස 550 ක් ඉදි කිරීමට සැලසුම් යොදා තිබේ. රජයේ සේවකයන්ට දැරිය හැකි අයුරින් මාදිලි තුනක නිවාස ඉදි කෙරෙන අතර, නිවාසයක අවම මිළ මිලියන පහක් වන අතර උපරිම මිළ මිලියන 12 කි.
     
    පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය සදහා ක්‍රීඩාංගනයක්, පිහිණුම් තටාකයක්, ඇවිදීමේ මංතීරුවක් සහ සුපරි වෙළද සංකීර්ණයකින්ද සමන්විත මෙම මහල් සංකීර්ණය සම්පූර්ණ ගොඩනැගිලි හතක ඉදි කිරීමට නියමිතය. අදාල නිවාස මිළදී ගැනීමේදී රාජ්‍ය බැංකු හරහා ගෙවීමේ පදනමට ලබා ගැනීමටද කටයුතු යොදා ඇත.
     
    නිවාස සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ ඉදි කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ පිළිබද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනුබද්ධිත වෝකර්ස් සී.එම්.එල් ප්‍රොපර්ටිස් පුද්ගලික සමාගම එක්ව ක්‍රියාත්මක කෙරේ.
     
    නිවාස ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන රජයේ සේවකයන්ට අදාල විස්තර www.heritagevalley.lk  වෙබ් අඩවියෙන් හෝ දුරකතන අංක 077 4595176, 077 4595188 යන අංක වලින් ලබා ගත හැකිය.  
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya