ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සමෘද්ධි බැංකු ජාල ගත කිරිමේ වැඩසටහනක්

    ජූලි 10, 2016
    ඉදිරියේ බැංකු පරිගණක ජාල ගත කිරීමට කටයුතු කරන අතර එම බැංකුවල හෞතික අවශ්‍යතාවයන් ලබාදිමටත් කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ පසුගියදා  කෑගල්ල නගර ශාලවේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් දිවි නැගුම දෙපාර්මේන්තුවේ ප්‍රගති සමාලෝචන වැඩ සටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,එසේම නිලධාරීන්ගේ උසස්වීම් හා ඔවුන් සදහා අවශ්‍ය පුහුණුවීම් ද ලබාදිමට කටයුතු කරන අතර සමෘද්ධි ව්‍යාපාරයේ තවත් එක් පියවරක් ලෙස උකස් ණය සේවාව ආරම්භ කිරීමටත්,ලීසිං සේවාව ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද පැවසීය.
     
    පසුගිය කාලයේ මෙම ව්‍යාපාරය ඉදිරි දර්ශණයක් නොමැති කමින් කඩා වැටුනා. පාඩු ලැබුවා. 2015 වර්ෂයේ සමෘද්ධි බැංකු බිලියන එකක පාඩුවක් ලබලා තියෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ගම් මට්ටමට යායුතුයි.නොයෙක් ණය දෙන ආයතන වල විවිධ ණය ක්‍රම හරහා ග්‍රාමීය ජනතාවගෙන් අධික පොලියක් අය කර ගන්නවා අවම කොන්දේසි යටතේ. එම නිසා මෙම ව්‍යාපාරය තුල  ජනතාවට බාධා ගෙන දෙන නීති රීති  වෙනස් කිරීමට කටයුතු කරනවා. 
     
    දැනට සමාද්ධි සංගම් 1074 හා මහා සංගම් 332 ක් දිවයින පුරා තියෙනවා.  2020 වනවිට සේවක වැටුප් භාණ්ඩාගාරයට බරක් නොවී ව්‍යාපාරය  තුලින් ම උපයා ගැනිමට කටයුතු කරනවා. ඒ වගේම වැඩිහිටි නිවාසවල තත්වය වැඩිදියුණු කිරීමට කලයුතු  අතර එම සේවකයන්ට ලැබෙන සුළු වැටුප වැඩිකිරීම කෙරෙහි ද අවධානය යොමු කරනවා යයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් මහින්ද සෙනවිරත්න,දිවි නැගුම දෙපාර්මේන්තුවේ අතිරේක ලේකම් ඩී.කුමාරසිරි,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය,දිවි නැගුම දෙපාර්මේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුසන්ත හේරත් යන මහත්වරු ඇතුළු සමෘද්ධි කළමණාකරුවන් , සමෘද්ධි සංවර්ධන නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී  සිටියහ.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya