ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ අවතැන් වූ නිවාස හිමියන්ට රජයෙන් ඉඩම්

    ජූලි 11, 2016

    පසුගිය සමයේ ඇතිවූ ස්වභාවික ව්‍යසනයන් හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අවතැන් වූවන් අතර වතු නිවාස හිමියන්ද සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉඩම් ලබාදීමටද රජය විසින් කටයුතු සැලසුම් කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    ඒ අනුව වතු නිවාස භාරය මඟින් මේ සඳහා එක් නිවසකට ලක්ෂ 6 1/2ක් බැගින් මුදල් සපයාගත යුතු අතර මෙම මුදල් සපයා ගැනීමට මෙන්ම රජය විසින් පවරා ගන්නා ඉඩම්වල යටිතල පහසුකම් සපයාගැනීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම කටයුතු මාස ගණන් පසුවුවහොත් මේ ජනතාව අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ නොතැබිය යුතු බවත්   සමහර දේශපාලඥයින්ට මේ වනවිටත් මේ අවතැන් වූවන් පිළිබඳ මතකය ගිලිහිලා ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

     


    කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට පසුගියදා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ඉඩම අක්කර 800ක් පමණ අවශ්‍ය වන බව ද පෙන්වා දුන්නේය.

     

    නිවාස ඉදිකිරීම අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රතිඥා දුන් පරිදි සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අවතැන්වූ වතු නිවාසවල ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් ඉඩම් ලබාදෙන්නටත් කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් පවරාගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙනවා. එසේ රජය විසින් ලබාදෙන ඉඩම් ලබානොගෙන, ඔවුන් සොයා ගන්නා ඉඩමක පදිංචියට යාමට අදහස් කරන වතු නිවාසයන්හි පදිංචිව සිට අවතැන් වූවන්ට රජයෙන් රු.ලක්ෂ 04ක දීමනාවක් ලබාදෙනවා. එසේම සම්පූර්ණයෙන්ම අවතැන් වූවන් යළි ප‍්‍රතිස්ථාපනය කරනතෙක් ඔවුන්ට මසකට රු. 12,000ක මුදලක් ලබාදීමට රජය සැලසුම් කරනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya