ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ඩෙංගු මර්දනයට රාජ්‍ය නිලධාරින්

    ජූලි 12, 2016

    තමන්ගේ විෂය පථය හා තනතුරු ආදිය නොසලකා  මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන  සියලු රජයේ  නිලධාරින් ඩෙංගු වසංගත තත්ත්වය  පාලනය කිරීම සදහා  සක්‍රීයව දායක වෙන ලෙස  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.
    දිස්ත්‍රික් ලේකම් වරයා මෙම ඉල්ලීම කරනු ලැබුයේ අද (12)  දින පැවති  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට  සහභාගි වෙමිනි.


    මහනුවර  දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 13ක්  ඩෙංගු අධි අවදානම්  කලාප ලෙස නම් කොට ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන්   මේ වනවිට ඩෙංගු යැයි සැකකරන රෝගීන් 1,597ක් වාර්තා වී ඇති  බවත් ඉන්  අටදෙනෙකු  මරණයට පත්ව ඇති බවත් දිස්ත්‍රික් වසංගත රෝග  වෛද්‍ය  සමීර හේවගේ මහතා  මෙහිදී අනාවරණය කළේය.  

     

    ඩෙංගු වසංගතය ව්‍යාප්තියෙන් මහනුවර දිස්ත්‍රික්කය  6 වෙනි ස්ථානයේ සිටින අතර  මෙම තත්වය අවම කරගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් ක‍ර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ ‍ඩෙංගු මැඩීම සදහා ධුමායන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර  පළාත් පාලන ආයතන මගින් නොමිලේ ලබා දීමට  කටයුතු කරන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී  ලකී ජයවර්ධන මහතා  විසින්  මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් දෙන ලදී.

     

    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya