ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර නගරයේ මාර්ග තදබදයට විකල්ප මාර්ගයක්

    ජූලි 13, 2016
    රත්නපුර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් නව විකල්ප මාර්ගයක් ඉදි කිරිමට පියවර ගෙන ඇත.
    බදුල්ල, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් කොළඹ දෙසට ද, කොළඹ දෙසින් බදුල්ල ඇඹිලිපිටිය දෙසට ද දෛනිකව විශාල වාහන සංඛ්‍යාවක් රත්නපුර නගරය මධ්‍යයෙන් ගමන් කරයි. මීට පිළියමක් ලෙස මෙම විකල්ප මාර්ගය ඉදිකිරිමට රජය තීරණය කර ඇත. 
     
    මේ සඳහා රුපියල් මිලියන 8,800 ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර මංතීරු 4 කින් යුතු මෙම විකල්ප මාර්ගයේ දුර කි.මී.3.2 ක් පමණ වේ. රත්නපුර වෙරළුප හන්දියෙන් ආරම්භ වන මෙය වරකාතොට පාලම දක්වා ඉදිකිරීමට නියමිතය.
     
    මෙම නව මාර්ගය ඉදිකිරීම තුළින් රත්නපුර නගරයේ පවතින අධික වාහන තදබදය අවම කර ගැනීමට හැකිවේ.
     
    මෙම තොරතුරු අනාවරණය වූයේ ඉකුත් දා පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දීය.
     
    මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMu-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya